ලෝකයේ ඇතැම් රටවල ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලට අමතරව, විහිළු පක්ෂ නොහොත් &ජෝක් පාටි*ද තිබෙන බව බොහෝ දෙනා නොදනිති. පෝලන්තයේ උපහාස පක්ෂය (The party of good Humour), බ්‍රිතාන්‍යයේ රේවින් ලුනි පක්ෂය (The Official Monster Roving loony party) සහ කැනඩාවේ රයිනෝසිරස් පක්ෂය ඊට උදාහාරණ කීපයකි.
ලංකාවේ නම් ජෝක් පාටි නැති නිසාදෝ, තිබෙන පැරුණි පාටි විසින්ම ජෝක්ද සපයනු ලැබේ. ඊට අමතරව, මැතිවරණ සමයෙන්හිදි බිම්මල් පිපෙන්නා සේ මතුවන ක්ෂණික පාටිද ජනතාවට විහිළු සපයන්නෝ බවට පත්වෙති.
අපේ රටේ තිබෙන පක්ෂ අතර ඇති ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරැ සංවිධානය, ජන සෙත පෙරමුණ, අපේ ජාතික පෙරමුණ, අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ, එක්සත් සාම පෙරමුණ, ජනතා සේවක පක්ෂය, විවිධ දේශපාලන අරමුණු ඇතිව බිහිවූ ප්‍රධාන ධාරාවට විකල්ප වශයෙන් කටයුතු කරන කණ්ඩායම් වශයෙන්ද සැළකේ.
දෙමළ පක්ෂද ගණනාවක්ද මේ අතරට එක් වෙයි. එහෙත් අවාසනාවකට මෙන්, මෙම පක්ෂවල නියෝජිතයින්ට පාර්ලිමේන්තු යාමට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. ඊට බලපාන එක් හේතුවක් වන්නේ ලංකාවේ ජනතාව &කැපුවත් කොළ* හා &කැපුවත් නිල්* යනුවෙන් ප්‍රධාන පිල් දෙකකට බෙදී සිටීමය. &කැපුවත් රතු* යැයි කියාගන්නා පිලක්ද සිටින නමුත්, ඡන්දයකදී ඔවුන්ද කතිරය ගසන්නේ රතු හෝ කොළ උදවියටය. ඒ නිසා බොහෝ විට රත්තන්ද වැටෙන්නේ, ඉහත කී සුළු පක්ෂ ගොඩටමය. ශ්‍රී ලංකාවේ ජනතාව සාක්ෂරතාවයෙන් උසස් බව ලෝකයට කියාපාන සාධකයක් ලෙසද මෙය දැක්විය හැකිය. අනෙක් අතට ඔවුන් කළගුණ සැළකීම බෙහෙවින් අගය කරන &ජාතියක්* බවද මෙහිදී සිහිපත් කළ යුතුය. &රට බල්ලට ගියත් පක්ෂය රුකගත යුතුය* යන්න, ශ්‍රී ලංකාවේ ආප්තෝපදේශයක් (ආප්ප උපදේශයක්?) බවට පත්වී තිබෙන්නේද ඒ නිසාමය.
ලෝකයේ තිබෙන &ජෝක් පාටි* බොහෝමයකින් සිදුවන්නේ පවතින ප්‍රධාන පක්ෂ උපහාසයට ලක් කිරීමය. එසේම දේශපාලනඥයින්ගේ බොරැ පොරොන්දු, විකට ප්‍රකාශ හා ක්‍රියා කලාප හාස්‍යයට බඳුන් කිරීමද, ඔවුන්ගේ &දේශපාලන න්‍යාය පත්‍රය*ට ඇතුළු වෙයි. මේ නිසා ඔවුනට ඕනෑතරම් වැඩ තිබෙයි. ඇතැම් දේශපාලනඥයින් වැඩ කරන්නේද මෙම ජෝක් පාටිවල යහපැවැත්ම උදෙසාදැයි විටෙක සැක සිතෙයි. එසේම ලොකු පාටි හා ජෝක් පාටි මොනවාදැයි තෝරාගත නොහැකි අවස්ථාද බොහෝය. ලෝකයේ ඕනෑම හොඳ ජෝකරයෙකු සමඟ කරට කර සිටිය හැකි ජෝකර්ලාද අපේ දේශපාලන භූමියේ දුර්ලභ නැත.
එහෙත්, ඔවුන්ගේ පොලිටික්ස් සීරියස් නිසා ජෝක් කළ යුත්තේද පරිස්සමිනි. ශ්‍රී ලංකාව වැනි රටවල පොලිටිකල් ජෝක්ස් නිසා සිදු වන්නේ ඇස් රතුවීම පමණක් නොවේ. අතපය නැතිවීමද ඉන් සිදුවෙයි. කාටුන්කාරයින් ගෙදරට කැඳවා බිත්තර ආප්පවලින් සංග්‍රහ කළ ජෝන් කොතලාවලලා දැන් නැත.
තම පක්ෂය මහලු නොවී රුක ගැනීම, එම පාක්ෂිකයන්ට බාර කටයුත්තක් නිසා, වැඩිකතා අනවශ්‍යයැයි හඟිමු.
1948දී අමෙරිකාවේ පිහිටුවන ලද නිර්මාංශික පක්ෂය නොහොත් වෙජිටේරියන් පාටිය. එරට ජනාධිපතිවරණයන්ටද ඉදිරිපත් වුණි. ප්‍රතිපත්තිසය වශයෙන් නිර්මාංශික වුවත් අමෙරිකාවේ යුදවාදී ප්‍රතිපත්තියට සහයෝගය දෙන්නට යාම නිසා පක්ෂය දෙකඩ වුණි. නිර්මාංශිකයෝ අහිංසාවාදී විය යුතුය යන මතය දැරෑ පිරිස නව නිර්මාංශික පක්ෂයක් බිහිකර ගත්හ.
අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැන් හැම තැනකම කතා කරන්නේ ණය බරින් නිදහස් වීම පිළිබඳවය. ඉන්දියානු නළු නිළියන් ගෙන්වීමට කෝටි ගණනින් ගෙවන ධනපතියන් සිටින රටක, අගමැතිතුමා ණය බරින් පීඩා විඳීම නොසිදුවිය යුත්තකි.
1940දී පිහිටුවා ගත් පුදුම පක්ෂය නොහොත් සර්ප්‍රයිස් පාටියේ (Surprise Party) එක් ප්‍රතිපත්තියක් වූයේ, ලෝකයේ විශාලතම ණය බර ඇති ජාතිය වීම පිළිබඳව ආඩම්බර වීමය. පුදුම පක්ෂයේ නායිකාව වූයේ, ජනප්‍රිය විකට ශිල්පිනියක වූ ග්‍රේසියා ඇලන්ය. පුදුමයකට මෙන් ඇය තම නගරයේ නගරාධිපතිනිය බවටද පත්වූ අතර ජනාධිපතිවරණටද ඉදිරිපත්ව ඡන්ද සිය ගණනක්ද දිනා ගත්තාය.
ලෝක දේශපාලනයේ එන තවත් අපූරැ ජෝක් පාටියක් වන්නේ &බදු හොඳටම වැඩියි* යන අරැත දෙන Rent Is Too Damn Party පක්ෂයයි. එහි නායකයා වූ ජිමී මැක්මිලන් හැරැණුවිට සාමාජිකයින් සිටියේ දෙදෙනෙකි. මැක්මිලන් නිව්යෝර්ක් පුරපති පදවියටද තරග කළේ උපහාසප්‍රිය ජනයා විනෝදයට පත් කරමිනි.
දේශපාලන විචාරකයින් පෙන්වා දෙන අන්දමට රටක විහිළු පක්ෂ බිහිවීම තුළින් පෙන්නුම් කරන්නේ එරට ප්‍රජාතන්ත්‍රවාදී භාවයයි. ඒකාධිපතියන් සිටින රටවල විහිළු පක්ෂවලට තබා සැබෑ පක්ෂයකටවත් පැවැත්මක් නැත. එබඳු රටවල විරැද්ධ පක්ෂ නායකයින් ජීවතුන් අතර නැත. ජීවතුන් අතර සිටින්නෝ වෙත්නම් ඔවුන් සිරගෙවලය.
මෑතකදී මෙරටට පැමිණි අමෙරිකානු පත්‍ර කලාවේදියෙක් අපේ ඇමැතිවරයෙකු හමුවූ අවස්ථාවක මෙසේ විමසීය.
&ශ්‍රී ලංකාවේ ජෝක් පාටීස් නැද්ද?*
&අපේ තියෙන්නේ බර්ත් ඩේ පාටීස්. මේ ළඟදි අපේ පාටි එකේ බර්ත්ඩේ පාටියක් ජයටම ගත්තා*
ඇමතිවරයාට, තම ප්‍රශ්නය නොවැටහුණේදැයි සැක කළ අමෙරිකානුවා නැවතත් මෙසේ ඇසුවේය.
&නෑ ඇමතිතුමා, විහිළුවට වගේ හදාගත්තු පක්ෂ මේ රටේ නැද්ද? ජෝක් පාටිස්?*
&අපොයි නෑ. මෙහෙ තියෙන්නෙ සීරියස් පාටි විතරයි. හැබැයි ඒවයින් නිතරම ජනතාවට විහිළු සැපයෙන නිසා විශේෂයෙන් ජෝක් පාටි ඕන වෙන්නෙ නෑ*
ආපසු සිය රටට ගිය අමෙරිකානුවා පුවත්පතකට ලියූ තීරැ ලිපියක අවසන් කර තිබුණේ මෙසේය.
&ලංකාවේ දේශපාලකයින් කොතරම් හොඳ විහිළු කාරයින්දැයි කියනවා නම් දැන් ඒ රටේ වේදිකා නාට්‍යවල විහිළුකාරයාගේ චරිතය වෙනුවට තිබෙන්නේ දේශපාලකයාගේ චරිතයය*
කපිලකුමාර කාලිංග